ජන හා නිවාස සංගණනය - 2024

සංගණන ආඥාපනත යටතේ, සෑම පුද්ගලයෙකුම ජන හා නිවාස සංගණනය සඳහා තොරතුරු සැපයීමට බැඳී සිටින අතර, එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ද නීත්‍යානුකූලව බැඳී සිටී.

ලියාපදිංචි වීම සඳහා උපදෙස්

ඉ සංගණනය සඳහා ලියාපදිංචි වීම සඳහා පහත සඳහන් සුදුසුකම් ඔබ විසින් සපුරා තිබිය යුතුය.

  • ඔබේ නිවසේ සංගණන ලේබලයක් (රතු ලේබලය) අලවා තිබිය යුතු අතර එහි ලියා ඇති අංක පැහැදිලිව හඳුනාගත හැකි විය යුතුය.
  • ලියාපදිංචි විය හැක්කේ එක් ගෘහ කාණ්ඩයක් පමණක් ඇති නිවාස ඒකක සඳහා පමණී.
    (නිවාස ඒකකයක් තුළ ආහාර පාන පොදුවේ සපයා ගනිමින් එකට ජීවත්වන කිහිප දෙනෙකු හෝ තමාගේ ආහාර පාන තමාම සපයා ගනිමින් තනිව වාසය කරන පුද්ගලයෙක් ගෘහ කාණ්ඩයක් ලෙස සැළකේ.)
  • ගෘහ කාණ්ඩයට අයත් සියලුම පුද්ගලයින්ගේ තොරතුරු ලබා දීමට හැකි විය යුතුය.
  • ඉ සංගණනය සඳහා ලියාපදිංචි විය යුත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා දැනට පදිංචිව සිටින නිවාස ඒකකයේම පදිංචි වී සිටීමට අපේක්ෂා කරනු ලබන ගෘහ කාණ්ඩ පමණී.
  • ඉ සංගණනය සඳහා ලියාපදිංචි වීමට ප්‍රථම සංගණන ප්‍රශ්ණාවලිය කියවා තිබිය යුතුයි. (පහත සබැඳිය මගින් ප්‍රශ්නාවලියට පිවිසෙන්න)
ප්‍රශ්නාවලිය ඊළඟ පිටුවට යන්න